Bodu Bala Sena

අප අත්අඩංගුවට ගැනීමට පෙර රායප්පු ජෝශප් අත්අඩංගුවට ගතයතුයි!

2014/04/23

බොදු බල සේනා සංවිධානය ආණ්ඩුන පෙරලීමේ කුමන්ත්‍රණයක් කරන්නේ යැයි කියමින් බොදු බල සේනාවේ ජාතික ගමන් මග අවුරාලීමේ කුමන්ත්‍රණය පිළිබද රටට එළිදරවු කිරීමට 2014.04. 22 දින පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙන් කොටසකි. එහිදී බොදු බල සේනාවේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ සූදානම්ක් ඇත්දැයි මාධ්‍යෙව්දියෙකු නැගූ පැණයට පිළිතුරුද දුන් මහ ලේකම් හිමායෝ අත් අඩංගුවට පත්වීමට අප කිසිසේත්ම බිය නොවන බවත්, එහෙත් ඊට පෙර අත් අඩංගුවට පත්විය යුතු පිරිස් සිටින බවත් මෙසේ පෙන්වා දුන්හ.

අනෙක් අය සමඟ බෙදාගන්න

FacebookTwitterGoogle PlusLinkedinPrintEmail

වටරැක විජිතගේ බොරු පැමිණිලි ප්‍රෝඩාව

2014/04/21

කුමන්ත්‍රණකාරී වටරැක විජිත ශ්‍රමණවේශධාරියා විසින් ජාතික සටන් වල නියැලි පාර්ශවයන්ගේ කාලය කා දැමිීම සදහා ගෙනයනු ලබන කූටෝපක්‍රම දිනෙන් දිනම හෙළිවෙමින් පවතී. ඔහු දන්නේ ත්‍රස්තවාදියෙකු ලෙස සැගව සිටමින් මුස්ලිම් නාලිකා ඔස්සේ වරින්වර හඩපට නිකුත් කිරීමටය. ඔහුගේ පැමිණිලි මහියංගනය සමථ මූල මණ්ඩලයට යොමුකරනු ලද නමුත් ඒ විභාග සදහා නොපැමිණිමෙන් පෙනීයන්නේ එම පැමිණිලි කිසිදු සත්‍යතාවකින් තොර බවය. මේ ඒ පිළිබද තවත් එක් සත්‍ය කථාවකි.

අනෙක් අය සමඟ බෙදාගන්න

FacebookTwitterGoogle PlusLinkedinPrintEmail

බොදු බල සේනා ත්‍රස්තවාදී සංවිධානයක්ද? මාධ්‍ය සාකච්ඡාව – 2014.04.16

2014/04/16
අනෙක් අය සමඟ බෙදාගන්න

FacebookTwitterGoogle PlusLinkedinPrintEmail

“ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපති කරවමු” බොදු බල සේනාවේ අනුදැනුමකින් හෝ අනුග්‍රහයකින් තොරයි!

2014/04/14

“ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපති කරවමු” (https://www.facebook.com/ven.gnansara.for.president) නමින් මේ දින වල දැකිය හැකි ෆේස් බුක් පිටුව බොදු බල සේනාවේ කිසිදු අනුදැනුමකින් හෝ අනුග්‍රහයකින් ක්‍රියාත්මක වන ෆේස් බුක් පිටුවක් නොවන බව වගකීමෙන් අවධාරණය කරනු කැමැත්තෙමු. පසුගිය දින වල උද්ගත වූ තත්ත්වයන්, ඇතැම් සංසිද්ධීන් පදනම් කරගෙන කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් සංවිධානාත්මකව මෙම පිටුව පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබේ. ඉදිරි ජනපතිවරණ හෝ පොදුවේ මෙරට දේශපාලන ක්‍රියාවලිය පිළිබද බොදු බල සේනාවේ ස්ථාවරය අපි නිරතුරුව පැහැදිළි කරන්නෙමු.

අනෙක් අය සමඟ බෙදාගන්න

FacebookTwitterGoogle PlusLinkedinPrintEmail

සුභ අලුත් අවුරුද්දක් වේවා!

2014/04/13

සිංහල ශිෂ්ටාචාරයත්, බෞද්ධ සංස්කෘතියත් එකිනෙක මනාව සම්මිශ්‍රණය වූ වාර්ෂිකව සැමරෙන තුන් සිංහලයේ මහා මංගල්‍යයේ අභිමුව සිටිමු. වෙනත් බොහෝ උරුමයන්සේම සිංහල අලුත් අවුරුද්ද ද ඉතා ශෝචනීය ලෙස වානිජකරණයට, දේශපාලනීකරණයට, නවිකරණයට හා මාධ්‍යකරණයට ලක්වී සොදා පාළු වී ගොස් ඇතත් හැකි පමණනින් අලුත් අවුරුද්ද සමරණ සිංහලයන්ට සුභපැතීම යුතුකමකි.

අනෙක් අය සමඟ බෙදාගන්න

FacebookTwitterGoogle PlusLinkedinPrintEmail

Bodu Bala Sena

බොදු බල සේනාවෙහි දැක්ම


බුදුදහම පරපුරින් පරපුරට සුරකින බෞද්ධ සමාජයක්

බොදු බල සේනාවෙහි මෙහෙවර


"බුදු දහම පරපුරින් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා බුදු දහමේ චිරස්තිථිය හා ආරක්ෂාව තහවුරු කිරීමේ පරම අපේක්ෂාවෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලීව පෙළ ගස්වා නායකත්වය ලබාදීම පිණිස, ගෝලීය අභියෝග ජයගත හැකි උත්තරීතර භික්ෂු පරපුරක් නිර්මාණය කොට බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන බෞද්ධ සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සකස් කොට රට ජාතිය නගා සිටුවීමට නායකත්වය ලබාදීම"

අපේ ගමන් මග පක්‍ෂ දේශපාලනයෙන් තොරවූ බුද්ධ වචනයම ව්‍යවස්ථාව කොටගෙන පස්වග මහණුන්ගෙන් ඇරඹුන අසූමහා ශ‍්‍රාවකයින් වහන්සේලාගෙන් ස්ථාපිතවූ, කාශ්‍යප මහරහතන් වහන්සේ, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සංරක්‍ෂණය කළ මිහිඳු මහ රහතන්වහන්සේ දායාද කළ අරිට්ඨ මහරහතන් වහන්සේ අපේ දෙයක් බවට පත්කළ ශාසනික ප‍්‍රතිපදාව වන්නේය. තිපිල්ලකතිස්ස තෙරුන්, දිඹුලාගල කාශ්‍යප තෙරුන්, ධර්මකීර්ති, ධර්මසේන තෙරවරු සේම වැලිවිට සරණංකර සංඝරාජයාණන්, වාරියපොල සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි මහ තෙරුන් ගිය මඟ අපිදු අනුගමනය කරන්නෙමු. බෞද්ධකම යනු ප්‍රතිවාදි මත ඉවසීමයි. අන්මත වලට ඇදහිලි වලට ගරු කිරීමයි. අපගේ මේ බල ගැන්වීම කිසිසේත් අන්‍යාගමිකයන්ට තර්ජනය කිරීමක් නොවේ. අපේ වෑයම වන්නේ තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බෞද්ධයනුත් ආරකෂා කර ගැනිමය. කිසිවෙක් කලබල විය යුතු නැත.
බොදු බල සේනා සංවිධානය ඔබේ දායකත්වය මත ක්‍රියාත්මක වන සමාජ ප්‍රාග්ධනය පිළිබද විශ්වාසයෙන් යුතුව කටයුතු කරන සංවිධානයකි. මෙම සංවිධානය ඔබ අප සැමගේ එකමුතුවෙන් නිර්මාණය වූ සංවිධානයකි. අප රට, ජාතිය හා ආගම සුරැකීමටත් එහි අභිවෘද්දියටත් කටයුතු කරන සංවිධානයකි. ඒ සදහා ඔබගේ දායකත්වය අතිශය වැදගත්ය. ඒ සදහා ඔබට විවිධ ලෙස දායකත්වය දැක්විය හැක.

බොදු බල සේනා ජාතික මෙහෙයුම් මූලස්ථානය
අංක 44 ඒ, හයිලෙවල් පාර, කොළඹ 06, ශ්‍රී ලංකාව

දුරකතනය +94 (0) 11 251 2810 | ෆැක්ස් +94 (0) 11 251 2814
විද්‍යුත් තැපෑල (ඊමේල්) – info@bodubalasena.net | info@bodubalasena.org
වෙබ් අඩවි - www.bodubalasena.net | www.bodubalasena.org
Bodu Bala Sena National Operations Headquarters, No 44A, Highlevel Road, Colombo 06, Sri Lanka
Phone: +94 (0) 11 251 2810 | Fax: +94 (0) 11 251 2814 | Email: info@bodubalasena.net | info@bodubalasena.org Websites - www.bodubalasena.net | www.bodubalasena.org